
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය ජනමාධ්‍යවේදී හිෂාම් අබ්ඩෙලාසීස් වසර හතරක සිරදඬුවමකින් අනතුරුව ඊයේ (01ද) ඊජිප්තු බලධාරීන් විසින් නිදහස් කරන ලද බව අල් ජසීරා පුවත් සේවය පවසයි.
හිෂාම් අබ්ඩෙලාසීස් කටාර්හි පදිංචිව සිට ඇති අතර, 2019 ජුනි මාසයේදී ඊජිප්තුවේ ඔහුගේ පවුලේ අය බැලීමට යමින් සිටියදී, කයිරෝ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන්පසුව ඔහු ත්‍රස්තවාදී චෝදනා මත පූර්ව නඩු විභාගයකින් අනතුරුව රඳවා තබා ගන්නා ලදී.
ඔහු සහ අල් ජසීරා ආයතනය චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත් කිසි විටෙකත් ඊජිප්තුව විසින් ඔහුට පුර්ණ නඩු විභාගයක් ලබා දුන්නේ නැත.
ඊජිප්තුව සහ කටාරය අතර සබඳතා එකල පළුදුව තිබූ බැවින්, ඔහුව රඳවා තබා ගැනීම දේශපාලනික හේතුවක් මත සිදුවූවක් බව අල් ජසීරා පුවත් සේවය පවසයි.
කෙසේ වෙතත්, පසුගිය මාස කිහිපය තුළ දෙරට අතර සබඳතා වැඩිදියුණු විය. තවත් අල් ජසීරා මාධ්‍යවේදීන් දෙදෙනෙක් ඊජිප්තුවේ රඳවා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart