
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ තමන්ට හිමි වූ රජයේ ඉන්ධන දීමනා අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් වන අනුමත ක්‍රියාපටිපාටිය නිසි ලෙස අධ්‍යයනය නොකර, තම කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය හා සෙසු මාධ්‍ය ඔස්සේ මෙලෙස අසත්‍ය තොරතුරු පතුරුවා හැර ඇති බවයි.
තම ධුර කාලය තුළ තමන් ඉන්ධන ලබාගත්තේ නීත්‍යානුකූලව හිමිවූ සහ අනුමත සීමාවන් තුළ පමණක් බවත්, ඊට අදාළ සියලු නිල ලේඛන හා වාර්තා තමන් සතුව පවතින බවත් ඔහු පවසයි.
නිසි සොයාබැලීමකින් තොරව මාධ්‍ය මගින් මෙවැනි පදනම් විරහිත චෝදනා නැගීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය කථානායකවරයා සිය කනගාටුව ද පළ කර සිටී.
තවද, නියෝජ්‍ය කථානායකවරයා ලෙස සිය රාජකාරි ඉටුකිරීම සඳහා සුදුසු නිල රථයක් නොතිබූ බැවින්, බාහිර පාර්ශ්වයකින් කුලී පදනම මත වාහනයක් ලබාගැනීමේ හැකියාව තමන්ට තිබූ බවද ඔහු පෙන්වා දෙයි.
නමුත් එසේ කළේ නම් විශාල මුදලක් වැයවන බැවින්, කුලී ගාස්තු ලෙස වැයවන එම මුදල ඉතිරි වන අන්දමින් තමන් කටයුතු කළ බව ද ඔහු සඳහන් කරයි.
හිටපු කථානායකවරුන්ට සහ නියෝජ්‍ය කථානායකවරුන්ට අදාළ සම්ප්‍රදායන්, නීති රීති සහ රෙගුලාසිවලට අනුකූලව තමන් රාජකාරි ඉටුකළ බවත්, කිසිදු නීති විරෝධී ක්‍රියාවක නිරත නොවූ බවත් අජිත් රාජපක්ෂ අවධාරණය කර තිබේ.
එමෙන්ම, වත්මන් රජයේ තනතුරු දරන, පරීක්ෂණවලට ලක්විය යුතු පුද්ගලයින්ට එරෙහිව ඇති දූෂණ චෝදනාවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමුකිරීමේ අරමුණින් තමන්ට එරෙහිව මෙවැනි ක්‍රියාමාර්ග ගෙන ඇති බව විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart