April 8, 2026

පසුගිය දිනක සභාව තුළ ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට සමාව දීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍ය හර්ෂණ නානායක්කාර පසුගිය දාක මන්ත්‍රීවරයාට තම මැද ඇඟිල්ල පෙන්වීම නිසා පාර්ලිමේන්තුවේ කලබලයක් ඇතිවිය.

“මට අමාත්‍යවරයාට අපහාස කිරීමට අවශ්‍ය නැති නිසා මගේ වරප්‍රසාද ප්‍රශ්නය ඉල්ලා අස්කර ගැනීමට මම තීරණය කළා. ‘න හි වේරේන වේරානි සම්මන්තීධ කුදාචනං’ යන බෞද්ධ ඉගැන්වීම නිසා අමාත්‍යවරයාට සමාව දීමට මට හැකිවෙනවා,” යැයි මන්ත්‍රී අජිත් පී. පෙරේරා පැවසීය.