
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝකයේ වෙනත් රටවල මෙන් ශ්‍රී ලංකාවේද වායු දූෂණය හේතුවෙන් හෘද රෝග ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ පවසයි.
වායු දූෂණය සැළකිව යුතු පාරිසරික ගැටලුවක් ලෙස බොහෝ කලක සිට සළකනු ලැබුවද, මානව සෞඛ්‍යයට එහි ඇති බලපෑම නව පර්යේෂණ සමඟින් කරළියට පැමිණෙමින් පවතින බවද වෛද්‍යවරයා සඳහන් කරයි.
එම නිසා, හෘද රෝග වර්ධනයවීමේ ප්‍රධාන අවදානම් සාධකයක් ලෙස වායු දූෂණය හඳුනාගෙන තිබෙන බව ඔහු අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ වායු දූෂණය ඉහළ යමින් පවතින බැවින්, වායු දූෂණය හා සම්බන්ධ රෝග වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත පියවරයන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවත්, වායු දූෂණයට නිරාවරණය වීමෙන් වැළකී සිටිය යුතු බවත්, වෛද්‍යවරයා පෙන්වාදෙයි.
එමෙන්ම වායු දූෂණය, හෘද රෝගවලින් පෙළෙන රෝගීන්ට පමණක් නොව අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව, පිළිකා රෝග සහ නිදන්ගත පෙනහළු රෝග වැනි බෝ නොවන රෝගවලටද බලපාන බව ඔහු පවසයි.
වායු දූෂණය යනු වායුගෝලයේ ස්වාභාවික ලක්ෂණ වෙනස් කරන ඕනෑම රසායනික, භෞතික හෝ ජීව විද්‍යාත්මක කාරකයක් මඟින් ගෘහස්ථ හෝ එළිමහන් පරිසරය දූෂණය වීමයි.
WHO දත්ත වලට අනුව, සමස්ත ගෝලීය ජනගහනය (99%) පාහේ නිර්දේශිත මට්ටමට වඩා වැඩි වායු දූෂණ මට්ටම් වලට නිරාවරණය වේ.
මේ අනුව, ගෘහස්ථ වායු දූෂණය අවම කිරීම සහ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා පිරිසිදු ඉන්ධන සහ තාක්ෂණයන් භාවිතය පුළුල් කිරීම අත්‍යවශ්‍ය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart