
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෝක් සමුද්‍ර සන්ධිය පිහිටි මුහුදු තීරයේ දෙරට අතර මායිම සම්බන්ධ කරුණු සහ කච්චතිව් දූපත ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟතාවකට පැමිණ ඇති බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබේ.
කෙසේවෙතත් දෙරට අතර නව ගිවිසුම් පිළිබඳ කිසිදු විස්තරයක් එම පුවත්පත හෙළිකර නැත.
මේ අතර, ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස් ජයිශංකර් විසින් තමිල්නාඩු ප්‍රධාන ඇමැති එම්.කේ. ස්ටාලින් වෙත යවන ලද ලිපියක සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ධීවර ගැටලුව ආරම්භ වූයේ 1974 දී අත්සන් කරන ලද ගිවිසුම් සමඟ බවයි.
පසුගියදා අවසන් වූ ඉන්දීය ලෝක් සභා මැතිවරණයේදී පාලක භාරතීය ජනතා පක්ෂයට කච්චතිව් ගිවිසුම ප්‍රධාන මාතෘකාවක් වී තිබිණි.
මීට පෙර කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා මුහුදේ මායිම් පිළිබඳ තීන්දු තීරණ සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත සාකච්ඡාවක් සිදුවී නොමැත.
උතුරු මුහුදු සීමාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිකරගත් ගිවිසුම්වලට අනුව කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට නිල වශයෙන් පවරා දෙනු ලැබුවේ මීට හරියටම වසර 50කට පෙර 1974 වසරේදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart