
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන 21 වැනිදාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා ලෙස රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත්, ඒ සදහා ආරක්ෂක අංශ සීරුවෙන් තබන බවත් හිටපු ඇමැති මනුෂ නානායක්කාර පැවසුවේය.
මැතිවරණ ජයග්‍රහණය හමුවේ කුමන්ත්‍රණ කිරීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ගාල්ල, නෙළුවේදී අද උදෑසන ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මෙසේද කීවේය.
“21 වැනිදාට මේ රටේ මිනිස්සු දුක් විදපු යුගයට ආයෙත් යන්න බැරි නිසා, නැවත දුක් විදින්න අවශ්‍ය නැති නිසා, නැවත වතාවක් රට අදුරට,
තත්වයකට අරගෙන යන්න අවශ්‍ය නැති නිසා, අවුරුදු දෙකහමාරකට කළින් ජනතාව විදපු දුක මතක තියෙන නිසා, 21 වැනිදාට බුද්ධිමත් තීන්දුව ගන්න බලාගෙන ඉන්නවා.
අවුරුදු දෙකහමාරකට කළින් මේ රටේ ජනතාව, දරුවෝ දුක් විදිද්දී, විදුලිය, තෙල්, ගෑස් නැතිව පෝලිම්වල මැරෙද්දී මේ දේවල් ටික දෙන්න කියලා ඉල්ලුවා. මිනිස්සු ඉල්ලපු අවම පහසුකම්වත් ලබාදෙන්න කිසිම නායකයෙක් ඉදිරිපත් වුනේ නෑ. එහෙම ඉදිරිපත් නොවුනේ ඔවුන්ට ඒ දේවල් කරන්න පුළුවන්කමක් නොතිබුණ නිසා.
හැබැයි ඒ වෙලාවේ මිනිස්සුන්ගේ දුක තේරුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විතරයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ අවදානම ගනිද්දී බය නැතිව තීන්දු ගත්තා. ඒ වෙලාවේ අපි ගත්තේ දේශපාලනික වශයෙන් භයානක තීන්දුවක්. දේශපාලන සයිනයිඩ් කරල එල්ලගත්තා කියලා තමයි අපිට කිව්වේ. ඒත් අපි මිනිස්සු වෙනුවෙන් අපි ඒ දේ කළා. අවුරුදු දෙකහමාරක් ඇතුළත මිනිස්සුන්ට තෙල්, ගෑස් ගෙනත් දීලා රට සාමාන්‍යකරණයට ලක්කරන්න අපිට පුළුවන්කම ලැබුණා. අපේ ජනතාවට ඒක මතකයි. කෙලෙහිගුණය තියෙනවා.
අර සියයට තුනක් විතර කෙලෙහිගුණ නොදන්න අය ඉන්නවා. මේ රටේ සංවර්ධන ව්‍යාපෘතිවලට අකුල් හෙළපු, රටේ සංවර්ධනය ඒ අයගේ විනාශයක් විදියට දැකපු, හැමදාම මේ රට විනාශ කළ කණ්ඩායමක් ඉන්නවා. ඒ සුරංගනා කතාවලට රැවටිලා රැල්ලට යන පිරිසකුත් ඉන්නවා. ඒ අය ගිය පාරත් ඔය විදියට රැල්ලට ගියා. ඒ අයම මේ පාරත් රැල්ලට යනවා පේනවා. ගියපාර රැල්ලට ගිහින් රටට වුණ දේ මිනිස්සු දැක්කා. ඒ දිහා බලාගෙන මිනිස්සු ගන්න ඕන තීන්දුව අරගන්නවා.
ජනතාව දිනන මැතිවරණයට රජයට කුමන්ත්‍රණ කිරීමට අවශ්‍ය නෑ. අපි ආරක්ෂක අංශ සීරුවෙන් තියලා තියෙනවා. රටේ බොරු රැලි නිර්මාණය කරලා තියෙන අය ඡන්ද ලක්ෂ විස්සක් විසිපහක් ගන්න හදනකොට සමහර වෙලාවට රට ඇතුළේ කැරලි ඇතිකරන්න පුලුවන් කියලා සමාජ මාධ්‍ය වාර්තාවල තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහය කිරීමත් එක්ක රටේ සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ආරක්ෂක ඇමැතිවරයා, සේනාධිනායකයා විදියට අරගන්නවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart