
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘දීගජන්තු-1’ ලෙස නම්කර ඇති දළ ඇතා වසර හතරකට පමණ පසු කලා වැව ඉවුරට පැමිණ ඇත.
මෙම හස්තියා කලා වැව ආශ්‍රිතව නිතර දක්නට ලැබුණු නමුත් පසුගිය වසර හතරක පමණ කාලයේදී දැකගත නොහැකි වූ බව වනජීවී නිලධාරීහු පවසති.
කලා වැව සහ ඒ අවට රක්ෂිත වනාන්තර ආශ්‍රිතව ජීවත් වන ඇතුන් අතරින් දිගම දළ ඇති ඇතා ලෙස දීගජන්තු සැළකේ.
කහල්ල-පල්ලේ රක්ෂිතය සහ රෙස්වෙහෙර, සියඹලන්ගමුව, කලාවැව, බළලු වැව ප්‍රදේශවල දීගජන්තු දළ ඇතා නිතර සැරිසරයි.
ඇතා වසර 04කට පසුව නැවත මෙලෙස මතුවීමත් සමඟ බොහෝ වනජීවී ලෝලීන් මෙම තේජාන්විත ඇතා දැක බලා ගැනීම සඳහා කලා වැවට පැමිණ ඇත.
මෙම නියං සමයේදී කලා වැවට සහ බළලු වැවට පැමිණෙන 200කට අධික වන අලි රංචුවක් අතරේ දීගජන්තු දැක ගත හැකිය.
ඇතාගේ දකුණු ඇසට ඉහළින් තුවාලයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart