
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී බලාපොරොත්තු වූවාට වඩා සාර්ථකව නිමකර සිය මව්බිමට පැමිණි අවස්ථාවේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරට ක්‍රීඩාලෝලීන්ගෙන් ඉහළ පිළිගැනීමක් හිමිව තිබේ.
කාබුල් ඔවුන්ට ඉහළ පිළිගැනීමක් ලැබුණු අතර ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය එ් වෙනුවෙන් උත්සවයක් ද සංවිධානය කර තිබිණ.
තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානය තුළ මෙවැනි උත්සව පැවැත්වීම දුර්ලභ අතර සිය රට පැමිණි ඇෆ්ගන් කණ්ඩායමේ සාමාජිකයන් මල් ඉස පිළිගැනීමට තරුණ ක්‍රීඩකයන් යොදවා තිබිණ.
2023 ලෝක කුසලාන තරගාවලිය තුලදි ශ්‍රී ලංකාව, එංගලන්තය, පාකිස්තානය යන ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් මෙන්ම නෙදර්ලන්තය කණ්ඩායම ද පරාජය කිරීමට ඇෆ්ගනිස්තානයට හැකිවිය.
ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ මුලික වටයේ තරග අවසානයේ ඇෆ්ගනිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ 06 වන ස්ථානය හිමිකරගැනීම හේතුවෙන් එරට ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට චැම්පියන් කුසලාන තරගාවලියට ද සුදුසුකම් ලබාගැනිමට ද අවස්ථාව හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart