
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 අයවැය මගින් යෝජිත රැකියා උපාධිධාරීන් සහ තරුණ තරුණියන් 30,000 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ නියමිත බඳවා ගැනීම් පටිපාටිවලට අනුකූලව අයදුම්පත් කැඳවා එම බඳවා ගැනීම් සිදු කිරිම සඳහා අදාළ අමාත්‍යංශ විසින් කඩිනම් පියවර ගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි කැබිනට් අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.
කොවිඩ් වසංගතය සහ මෑතකාලීන ආර්ථික සහ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් සහ තරුණ තරුණියන් සංඛ්‍යාව සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබීමත් පවතින රාජ්‍ය මූල්‍ය තත්වයත් සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000 ක් සම්පූර්ණ කිරීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් බිලියන 10 ක ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා යෝජනා කර තිබිණි.
රාජ්‍ය සේවයේ විවිධ ආයතනවල කාර්‍යය මණ්ඩල නැවත සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවාගැනීම සිදු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කල කමිටුව ඉදිරිපත් කල නිර්දේශ මත මේවනවිට රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් 18,853 ක් සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart