
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලි බිල්පත් ගාස්තු සංශෝධනයට අදාළ නව යෝජනාවක් ලබන බදාදා හෝ බ්‍රහස්පතින්දා විදුලි බල මණ්ඩලය විසින් ලබා දෙනු ඇති බව විදුලිබල ඇමැති කංචන විජේසේකර පවසයි.
ඔහු සඳහන් කළේ පෙබරවාරි මාසයේ විදුලි බිල සංශෝධනය කළ යුතු බවට දෙසැම්බර් මාසයේ දී කැබිනට් මණ්ඩලය තීරණයක් ගනු ලැබූ බවයි.
ඒ අනුව විදුලි බල මණ්ඩලය ඔවුන්ගේ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට ලබා දී තිබෙන බවත් ඒ පිළිබඳ ඔවුන් සහ මහජනතාව දකින ගැටලු පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස දැනුම්දුන් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ඒ අනුව පසුගිය පහළොස්වැනිදා මහජන උපයෝගීතා කොමිසම මහජන අදහස් විමසූ බවත් එහිදී ද යම් අදහස් මතුවී තිබෙන බවත් ඇමැතිවරයා පවසයි.
ඔහු පෙන්වා දුන්නේ වියදම්වලට අදාළ ඇතැම් පුරෝකථනයන් කර තිබුණේ වසර හතරකට අදාළව මේ වසරේ අවසන් කළ යුතුව තිබූ නඩත්තු කටයුතුත් සමග බවයි.
මේ වසරේ එම නඩත් නඩත්තු නොකර ඉදිරි අවුරුදු තුන සඳහා එම මුදල් වෙන් කිරීම සිදුකරන ලෙස උපදෙස් දී ඇති බැවින් බිදුලි බිල වැඩි ප්‍රමාණයකින් අඩු කළ හැකිවනු ඇති බව ඇමැතිවරයා පවසයි.
ඒ අනුව සංශෝධනය කළ විදුලි ගාස්තු පිළිබඳ අය ක්‍රමය මහජන උපයෝගීතා කොමිසමට ලබා දීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart