
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 400 කට අධික ව්‍යාපෘතියක් අවලංගු කළ බවට වාර්තා පළවීමත් සමඟ අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ කොටස් මිල පහත වැටුණු බව ‘ඉන්දියා ටුඩේ’ වාර්තා කළේය.
අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ කොටස් රුපියල් 1021.45 කින් වසා දැමීමෙන් පසු රුපියල් 1039.45 කින් අද දිනය විවෘත විය. කොටස් මුලින් ඉහළ ගොස් රුපියල් 1065.45 ක දිනක ඉහළම අගයට ළඟාවිය.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාව විදුලිබල මිලදී ගැනීමේ ගනුදෙනුව අවලංගු කළ බවට වාර්තා වීමෙන් පසු අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ කොටස් රුපියල් 1,008 ක් දක්වා පහළ ගිය අතර, එය දවසේ ඉහළම අගයෙන් 6% කට වඩා පහත වැටුණු බව ඉන්දියා ටුඩේ වාර්තාව තවදුරටත් පවසයි.
පසුගිය වසරේ ජුනි මාසයේදී රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ අත්සන් කරන ලද මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484 ක සුළං බලාගාර සඳහා ඉන්දියාවේ අදානි සමූහයට ලබාදුන් කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුව තීරණය කර ඇති බව අද ශ්‍රී ලංකා ජනමාධ්‍ය වාර්තා කළේය.
රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ජනමාධ්‍ය වෙත පවස්සා ඇත්තේ, අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් කිලෝවොට් පැයකට ඇමරිකානු ශත 8.26 ක් යෝජනා කර ඇති අතර දේශීය ලංසුකරුවන් ඇමරිකානු ශත 4.88 ක් වැනි අඩු මිලක් ඉදිරිපත් කර ඇති බැවින් මෙම තීරණය ගත් බවයි.
අවලංගු කිරීමට සම්මත ක්‍රියා පටිපාටියක් අවශ්‍ය බැවින්, ගිවිසුම සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය කමිටුවක් පත්කර ඇති බව ඔහු තවදුරටත් පවසා ඇත.
මේ සඳහා පත්කර ඇති කමිටුවක් විසින් කොන්ත්‍රාත්තුව සමාලෝචනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත්, කමිටුවේ නිර්දේශ මත පදනම්ව, රජය අදානි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවත් ඔහු සඳහන් කරයි.
2023 පෙබරවාරි මාසයේදී, ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය (BOI) උතුරු ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් සඳහා සැලසුම් කර ඇති අදානි ග්‍රීන් එනර්ජි හි ඩොලර් මිලියන 442 ක සුළං බල ව්‍යාපෘතිය අනුමත කළේය.
එතැන් සිට, ව්‍යාපෘතිය නීතිමය අභියෝගවලට මුහුණදුන් අතර, එහි විස්තර ශ්‍රේෂ්ඨාධිකරණ සමාලෝචනයට ලක්කර ඇත.
ඉන්දියානු ප්‍රකෝටිපතියකු වන ගෞතම් අදානිගේ නායකත්වයෙන් යුත් අදානි සමූහය, කොළඹ වරායේ ඩොලර් මිලියන 700 ක බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ද සම්බන්ධ වී සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart