
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියන් සාගරයේ පිහිටි කොබෝල්ට් නිධිය කැණීමේ ව්‍යාපෘතිය සඳහා ද ඉන්දියාවේ අදානි සමාගම උත්සාහයක නිරතව සිටින බව වාර්තා වේ.
කොබෝල්ට් නිධිය කැණීම සඳහා තායිවාන සමාගමක් වන ‘උමිකෝර් තායිවාන්’ සමාගම සමඟ හවුල් ව්‍යාපාරයක් පිහිටුවීමට අදානි සමූහය පියවර ගෙන තිබේ.
ඒ පිළිබඳ සාකච්ඡා තවමත් පැවැත්වෙන බැවින් මෙම ගනුදෙනුව අවසන් කර නොමැති බව ද වාර්තා වේ.
කොළඹ වරායේ බටහිර පර්යන්ත සංවර්ධනයට සහ මන්නාරමේ මතභේදයට තුඩු දුන් සුළං බල ව්‍යාපෘතියට ද සම්බන්ධ වී සිටින්නේ අදානි සමාගමයි.
අදාළ කොබෝල්ට් කැණීම කැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද උනන්දුවක් දක්වන බව පසුගිය දිනවල වාර්තා විය.
එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට අදාළ රටකට මහද්වීපික තටාකයට හිමි සීමාවට අමතර වශයෙන් තවත් නාවික සැතපුම් 200ක සීමාවක් අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාව 2009 දී මුහුදු පතුල පිළිබඳ අන්තර්ජාතික අධිකාරියට අයදුම්පතක් ඉදිරිපත් කරන ලදී.
ඉන්දියාව ද සිය දේශසීමාවේ සිට නාවික සැතපුම් 350ක් දක්වා මහාද්වීපික තටාකයට හිමිකම් කී නමුත් අදාළ ප්‍රදේශයේ මුහුදු පතුල ගවේෂණය කිරීම සඳහා නිල පිළිගැනීමක් බලාපොරොත්තුවෙන් සිටී.
ආරවුල සමථයකට පත් කිරීමට දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා අවසන් වන තෙක් බලා නොසිට, ඉන්දියාව විසින් ‘කොබෝල්ට් බහුල ෆෙරෝමැන්ගනීස් කබොල’ ගවේෂණය කිරීමට 2024 ජනවාරි 18 වැනි දින මුහුදු පතුල පිළිබඳ අන්තර්ජාතික අධිකාරියට අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
එම නිධිය ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශය තුළ පිහිටා ඇති බැවින් මුහුදු පතුල පිළිබඳ අන්තර්ජාතික අධිකාරිය විසින් එය ප්‍රතික්ෂේප කර ඉන්දීය බලධාරීන්ට දන්වා ඇති බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart