
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය නළු ගෝවින්දාට අද උදෑසන ඔහුගේ බලපත්‍රලාභී රිවෝල්වරයෙන් අහම්බෙන් කකුලට වෙඩිවැදී තිබේ.
ඔහුගේ නිවසේදී ඔහුගේ පාදයට වෙඩි උණ්ඩයක් වැදීමෙන් ගොවින්දා රෝහල්ගත කර ඇති බව මුම්බායි පොලිසිය පවසයි.
කෙසේවෙතත් ඔහුට විශාල අනතුරැක සිදුව නැති බව වාර්තා වේ.
අලුයම 4.45 ට පමණ ඔහුගේ බලපත්‍රලාභී රිවෝල්වරය පත්තුවිම හේතුවෙන් මෙම තුවාල සිදුවී තිබේ.
ඒ වන විට ඔහු නිවසේ තනිව සිට ඇත.
ගෝවින්දාගේ කළමනාකරු ශෂී සින්හා ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, 60 හැවිරිදි ගොවින්දා කොල්කටා බලා යෑමට සූදානම් වෙමින් සිටි බවයි.
ඔහු තම රිවෝල්වරය යම් තැනක ගබඩා කිරීමට උත්සාහ කරමින් සිටියදී අහම්බෙන් එය බිම වැටී වෙඩි පහර එල්ලවී ඇතැයි පැවැසේ.
“වෛද්‍යවරයා උණ්ඩය ඉවත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය යහපත්ය. ඔහු දැන් ඉන්නේ රෝහලේ,” යැයි සිංහා පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart