
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇති කරගත් එකඟතාවන්ට අනුව වෙනත් පක්ෂවලට සම්බන්ධ වූ තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව පසුගිය සතියේ වාර්තා විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත් වූ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමගි ජන බලවේගය වැනි වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ වී හෝ එම පක්ෂ කටයුතුවල නියැලෙමින් සිටින බැවින්, ඒ සියලුම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේද යන්න සමබන්ධයෙන් නැගුණු පැනයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ප්‍රතිචාර දක්වා තිබිණි.
කාරියවසම් පවසා තිබුණේ ආචාර්ය රාජපක්ෂ සහ එවැනි මන්ත්‍රීවරුන් බහුතරයක් සම්බන්ධ තත්ත්වය වෙනස් බවයි.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ වැනි පක්ෂ ගණනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතු වී තිබිණි.
මෙම පක්ෂවල අපේක්ෂකයන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට ඉඩ දීමට එකඟ වී ඇත්තේ විනය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය ඔවුන්ගේ දේශපාලන පක්ෂවලට භාර දෙමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ බහුතර මන්ත්‍රීවරුන් එම ගණයට අයත් වන නමුත් ආචාර්ය රාජපක්ෂ මුලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු බව සාගර කාරියවසම් පවසයි.
මුලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ව සිටියදී වෙනත් පක්ෂවලට සම්බන්ධ වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රබල පදනමක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුල් සාමාජිකයන් වෙනත් පක්ෂවලට එකතු වී වෙනම දේශපාලන සන්ධාන හදන්න උත්සාහ කළ ද වෙනත් පක්‍ෂවල ප්‍රමුඛ තනතුරු ලබා ගැනීම වැනි ක්‍රියා කර නොමැති බව කාරියවසම් පෙන්වා දී තිබේ.
කෙසේවෙතත් ආචාර්ය රාජපක්ෂ ශ්‍රීලනිප සභාපති ධූරය බාරගත් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බැවින් ඔහුට විරුද්ධව විනය පියවර ගැනීමට තීරණය කළ බව කාරියවසම් සඳහන් කර තිබේ.
2022 දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එල්ල වූ දැවැන්ත මහජන විරෝධතා මධ්‍යයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් 40කට ආසන්න පිරිසක් පක්ෂය හැර ගොස් විපක්ෂයට එක්වෙමින් සමගි ජන බලවේගය සමඟ හෝ තමන්ගේම ස්වාධීන කණ්ඩායම් පිහිටුවා ගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා කොංග්‍රසය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි කැපී පෙනෙන දේශපාලන චරිතවලින් සමන්විත උත්තරීතර ලංකා සභාගය ද එවැනි කණ්ඩායම්වලට ඇතුළත් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart