
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවා තිබේ.
ජාතික පොලිස් කොමිසම පැවසුවේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විනය පරීක්ෂණයක් සඳහා නිවාඩු ලබා දී ඇති බවයි.
ජාතික පොලිස් කොමිසමේ නියෝගයට අනුව හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගත්තේ මන්දැයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්න කිරීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.
අධිකරණ නියෝගය පිළිපදින ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට පසුගිය සතියේ දැනුම් දුන්නේය.
බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදී 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වූ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart