
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හංගේරියානු – ඇමරිකානු ප්‍රකෝටිපතියකු වන ජෝර්ජ් සෝරෝස්ගේ සංවිධානවලට, දේශපාලන කටයුතුවලට බලපෑම් කිරීමට මෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් අස්ථාවර කිරීමට අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය (USAID) වෙතින් ඩොලර් මිලියන 270ක් ලැබී ඇතයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
X සමාජ මාධ්‍යයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම් සබැඳියක් ඔස්සේ චෝදනා කර ඇත්තේ, ජෝර්ජ් සෝරෝස්ට USAID වෙතින් ඩොලර් 260,000,000ක් ලැබී ඇති අතර මෙම මුදල් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, යුක්රේනය, සිරියාව, ඉරානය, පාකිස්ථානය, ඉන්දියාව, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව තුළ ව්‍යාකූලත්වය පැතිරවීමට, ආණ්ඩු වෙනස් කිරීමට සහ පෞද්ගලික වාසි සඳහා භාවිත කර ඇති බවයි.
විශේෂයෙන්ම ට්‍රම්ප්ගේ පරිපාලනය USAID වෙත ලබාදෙන අයවැය කප්පාදු කර ඇති බැවින්, ඔහුගේ මෙම ප්‍රකාශ USAID පිළිබඳව කෙරෙන පරීක්ෂාවන් දැඩිකිරීමට හේතුවී ඇත.
පසුගිය වසර 15 තුළ USAID විසින් සෝරෝස් සමඟ අනුබද්ධිත සංවිධානවලට ඩොලර් මිලියන 270කට වඩා වැඩි මුදලක් ලබා දී ඇති බව ද මෙම ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
East-West Management Institute නමැති එවැනි එක් සංවිධානයක්, Soros’ Open Society Foundations සමඟ හවුල් වී ප්‍රධාන වශයෙන් USAID අරමුදල් ලබාගත් බව ද පැවසේ.
මෙම හෙළිදරව්ව අන්තර්ජාතික දේශපාලන ව්‍යාපාරවල එක්සත් ජනපද පාලනයේ භූමිකාව පිළිබඳ කනස්සල්ලට හේතු වී තිබේ.
සෝරෝස් විරුද්ධ කණ්ඩායම්වලට සහාය දෙන බවට සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ විවේචකයන්ට අරමුදල් සපයන බවට ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය දීර්ඝ කාලයක සිට චෝදනා කරයි.
භාරතීය ජනතා පක්ෂ නායකයන් කියා සිටින්නේ, සෝරෝස්ගේ උත්සහය වන්නේ ඉන්දීය රජය අස්ථාවර කිරීම සහ ජාතික දේශපාලනයට ඇඟිලි ගැසීම බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart