January 22, 2026

ගණ­කා­ධි­කා­රි­ව­ර­යකු කළු­තර පාල­මෙන් කළු ගඟට පැන ඇති බවට වූ සැක­යක් මත කිමි­දු­ම්ක­රු­වන් ඇතුළු නාවික හමුදා ජීවිත ආර­ක්ෂක නිල­ධා­රීහු ඊයේ (21) දහ­වල් මෙහෙ­යු­මක් සිදු කරනු ලැබූහ.

කළු­තර උතුර ප්‍රදේ­ශයේ පදිංචි කාන්තා­වක විසින් කළ දැනුම් දීමක් මත මේ මෙහෙ­යුම සිදු කළ බව කළු­තර දකුණ පොලී­සිය පව­සයි.

කළු­තර උතුර ප්‍රදේ­ශයේ පදිංචි 32 හැවි­රිදි ගණ­කා­ධි­කා­රි­ව­ර­යකු අතු­රු­දන් බවට තොර­තුරු ලැබී ඇති බවත්, ඔහුගේ ජංගම දුර­ක­ත­නය පාලම මත තිබී හමුව ඇති බවත් පොලී­සිය සඳ­හන් කරයි.

අතු­රු­දන් ගණ­කා­ධි­කා­රි­ව­රයා පාලම දෙසට ගමන් කරන අයුරු අසල වෙළෙ­ඳ­ස­ලක සීසී­ටීවී කැම­රා­වක සට­හන්ව ඇති බව පොලී­සිය කීවේය.