
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රීරෝද රථ රියදුරකුගේ හිසට මිටියකින් පහරදී ගෙළ බැඳි රන් මාලය කොල්ල කා පළාගිය කාන්තාවක් අලවතුගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව විසි දෙහැවිරිදි අංකුඹුර පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බව වාර්තා වේ.
කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයට ගොඩ වූ මෙම සැකකාර කාන්තාව ත්‍රීරෝද රථ රියදුරුගේ හිසට මිටියකින් පහර දී ඔහුගේ ගෙළ බැඳි රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා රන් මාලය කොල්ල කා ඇති බව පොලිසිය පවසයි.
සැකකාරිය සන්තකයේ තිබී රන්මාලය සොයාගෙන ඇති අතර, අද දින සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart