
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙම්වතාගේ නිවෙසට ගොස් සිටියදී, එම නිවෙසේ තාප්පයක් ශරීරය මතට පතිත වී තරුණියක් මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ වාද්දුව, මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රසාදිනී ප්‍රියංගිකා නමැති 23 හැවිරිදි තරුණියකි.
පොලිසිය පැවසුවේ, මියගොස් ඇති තරුණියගේ පෙම්වතා ආරක්ෂක හමුදාවේ සේවය කරන අතර, ඔහු නිවාඩුවට පැමිණ සිටියදී ඔහුගේ අත්තම්මා බැලීමට අවශ්‍ය බවට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් අනතුරුව ඇයව නිවෙසට ගොස් කැටුවවිත් ඇති බවයි.
එහිදී තරුණයා නිවෙස පිටුපස එළුවන්ට කෑම දැමීමට ගොස් සිටියදී තරුණිය ද ඒ අසල තාප්පය සමීපයේ සිටියදී මෙසේ තාප්පය ශරීරය මතට කඩාවැටී ඇති බවට හෙළිව ඇති බව පොලිසිය සඳහන් කරයි.
කළුතර උතුර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart