
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනයේ වඩුක්කොඩෙයි පොලිසිය විසින් දරුණු ලෙස පහරදීම නිසා සිදුවූ තුවාල හේතුවෙන් 25 හැවිරිදි සැකකරුවෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
අදාළ පහරදීම හේතුවෙන් තරුණයාගේ වකුගඩුවට හානි වීමෙන් මිය ගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇත.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ යාපනය සින්දන්කේනි, කලයිවානි පාරේ පදිංචි 25 හැවිරිදි නාගරාසා ඇලෙක්ස් නමැති තරුණයෙකි.
කොල්ලකෑමක් සම්බන්ධයෙන් වඩුක්කොඩෙයි පොලිසිය විසින් තවත් සැකකරුවෙකු සමඟ මෙම තරුණයා නොවැම්බර් 08 වැනිදා අත්අඩංගුවට ගත් නමුත් අත්අඩංගුවට ගෙන දින හතරක් රක්ෂිත බන්ධනාගාරගත කර හෝ නිදහස් කර නොතිබුණි.
වින්දිතයාගේ මව විසින් යාපනයේ මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා නොවැම්බර් 10 වැනිදා මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
වින්දිතයා යාපනය බන්ධනාගාර නිලධාරීන් විසින් යාපනය රෝහලට ඇතුළත් කර ඇතත්, තුවාල ලැබූ ඔහු ඊයේ (20) මිය ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart