
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ධාවන තරගයක අවසන් රේඛාවේදී යුවලක් විවාහ ගිවිස ගැනීමේ ආදරණීය සිද්ධියක් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී දක්නට ලැබිණි.
මෙලෙස විවාහ ගිවිසගනු ලැබුවේ ස්ලෝවැකියානු ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවකි.
Hana Burzalova බ්‍රහස්පතින්දා බුඩාපෙස්ට්හි කිලෝමීටර් 35 ඇවිදීමේ ඉසව්වේ අවසන් රේඛාව පසුකරද්දී ඇය දුටුවේ පිරිමි ඉසව්වේ එවැනිම දුරක් සම්පූර්ණ කළ ඇගේ පෙම්වතා Dominik Cerny එක් දණහිසක් බිම හොවා සිටින අයුරුය.
වාසනාවකට මෙන්, බර්සාලෝවාට තම සහකරුගේ යෝජනාවට ‘ඔව්’ කීමට ප්‍රමාණවත් හුස්මක් ඉතිරිව තිබිණි.
Cerny අහසට දෑත යොමුකර සතුට සැමරුවේය.
බර්සාලෝවා සිය දිලිසෙන විවාහ ගිවිස ගැනීමේ මුද්ද එම මිහිරි මොහොතින් පසු කැමරාකරුවන්ට ප්‍රීතියෙන් පෙන්වීය.
25 හැවිරිදි Cerny, ඔහුගේ තරඟයේ 19 වැනි ස්ථානයට පත්වූයේ සිය පෞද්ගලික හොඳම කාලය ලෙස පැය2යි විනාඩි 32.56 කින් තරගය නිමා කරමිනි.
ඔහුගේ 22 හැවිරිදි පෙම්වතිය, කාන්තා ඉසව්වේ 28 වැනි ස්ථානයට පත්වුවද පැය 03යි විනාඩි 02.47ක තරග නිමි කාලය මේ වාරයේ ඇයගේ හොඳම කාලය විය.
එනම් සැමරීමට බොහෝ දේ තිබිණි.
ඇවිදීමේ ඉසව්වේදී එක් පාදයක දණ හිස නැවී තිබියදී අනිත් දණහිස සෘජුව තිබීම තරග නීතිවලට අනුව අනිවාර්ය වේ.
කෙසේ වෙතත් Cerny ගේ දණ නැවීම සුබ අවසානයක් ගෙනදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart