
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුරුණෑගල, නුවර පාර, තෙලියගොන්න ප්‍රදේශයේ පිහිටි සමූහ ව්‍යාපාර පෞද්ගලික සමාගමක් විසින් ‘කිරි පොන්නි’ සහල් උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රු. 500,000 ක දඩයක් නියම කර තිබේ.
නියමිත උපරිම සිල්ලර මිල රු. 255 ක් වුවද, එම සමාගම විසින් සහල් කිලෝවක් රු. 260 බැගින් අලෙවි කර ඇත.
මෙම වැටලීම සිදුකර ඇත්තේ, 2026.01.09 දින වන අතර, 2026.01.16 වැනි දින දඩ නියම කර තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් මෙම වැටලීම සහ නඩු පැවරීම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart