
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බාලවයස්කාර දරුවකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත නඩු විභාගයකට මැදිව සිටි ගුරුවරයකු තවත් අවස්ථා තුනකදී එම වරද සිදු කළ බවට චෝදනා එල්ල වීමෙන් පසු ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
2015 අගෝස්තු මාසයේදී 16 හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ විත්තිකරුට අධිචෝදනා ගොනු කර තිබිණි.
මෙම නඩුවේ තීන්දුව තංගල්ල මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග විසින් අගෝස්තු 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
කෙසේවෙතත්, මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගමගේ ඉදිරියේ ඔහුට එරෙහිව නව චෝදනා ඉදිරිපත් වී ඇත.
මෙම විත්තිකරු අවුරුදු 16, 9 සහ 3 යන වයස්වල පසුවන තවත් දරුවන් තිදෙනෙකුට ලිංගික අතවර කළ බවට වීරකැටිය පොලිසියට පැමිණිලි ලැබී ඇති බව රජයේ නීතීඥ වසන්තා තිසේරා අධිකරණයට දන්වා සිටියේය.
වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඒ පිළිබඳ කරුණු වාර්තා කිරීමෙන් පසු විත්තිකරු සැඟවී සිටි බවද ඇය අධිකරණය හමුවේ පැවසුවාය.
කෙසේවෙතත්, පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
කරුණු සළකා බැලූ විනිසුරුවරයා විත්තිකරුගේ ඇප අවලංගු කළ අතර පළමු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන අගෝස්තු 9 වැනිදා දක්වා ඔහු රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart