August 2, 2025

මඩකලපුවේ පූම්පුකර් ප්‍රදේශයේ ඉඩමක නව නිවසක් ඉදිකිරිම සඳහා කැණීම් කටයුතු සිදුකරමින් සිටි පිරිසකට T56 ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් හමුවී ඇත.

අදාළ ඉඩමේදී හිමිකරු දැනට විදේශගතව සිටින බව පැවැසේ.

T56 ගිනි අවිය සහ උණ්ඩ සොයාගැනීමත් සමග, ඉඩමේ කැණීම් සිදුකළ අයෙක්, ඒ බව තාන්ඩිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙත දුරකථන ඇමතුමක් ලබාදී දැනුම්දී තිබේ.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් එම ස්ථානයට පැමිණ සෝදිසි කිරිමෙදි පහත සදහන් යුධ ආයිත්තම් සොයාගෙන ඇත.

* T-56 ගිනිඅවි – 01
* T-56 උණ්ඩ – 16
* පිස්ටල් උණ්ඩ වලට වඩා පොඩි උණ්ඩ – 47
* උණ්ඩ 20 හිස් මැගසින් – 01
* උණ්ඩ 30 හිස් මැගසින් – 01