
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යම් විනාශකාරී පිපුරුමක් සිදු කිරීමට තබාගෙන සිටි බවට සැකකෙරෙන අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් කයිට්ස් හි සාඩි මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ සැකකරු සන්තකයේ තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය (TNT) කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 145ක්, RPG උණ්ඩ කොටස් 08ක් සහ මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ කොටස් 12ක් හමුවූ බවයි.
සැකකරු මණ්කුම්පාන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 40ක් වන පුද්ගලකි.
සැකකරු සහ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම පුපුරණ ද්‍රව්‍ය මෙම පුද්ගලයා හට කුමන ආකාරයකින් ලැබුණේද යන්න සහ කුමන අරමුණක් සඳහා සන්තකයේ තබාගෙන සිටියේද යන්න පිළිබද විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ කයිට්ස් පොලිසියේ නිලධාරීන් විමර්ශන සිදු කරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart