
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානයේ කරච්චි නගරයේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක වන බව, එහි අතිරේක පොලිස්පතිවරයා (Additional Inspector General -AIG) ප්‍රකාශකර තිබේ.
කෙසේවෙතත්, නගරය තුළ කප්පම් ගැනීම්, පහර ගැනීම් හා ඝාතන ආදිය ඉහළයමින් පවතින බව හෙතෙම පවසයි.
නගරයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගෙන් කප්පම් ගැනීම් සිදුකර ඇති අතර,එබැවින් එම ව්‍යාපාරිකයන් රට හැරගොස් ඇති බවද වාර්තා වේ.
රටේ මූල්‍ය කේන්ද්‍රස්ථානයේ ව්‍යාපාර කඩාකප්පල් කිරීම මගින් විශාල ආර්ථික කඩාවැටීමකට බලපෑමක් ඇති කළ හැකි බව හෙතෙම සදහන් කර තිබේ.
ඒ අනුව, ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය ආරක්ෂාව සැපයීම පොලිසියේ යුතුකමක් බවද ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart