
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුර කුමාර දිසානායකගේ මෑත කාලීන ඉහළ පෙළේ ඉන්දීය සංචාරය සාමාන්‍යයෙන් වෙනත් රටවල කීර්තිමත් පුද්ගලයන්ට කරන ලද සාමාන්‍යආකාරයේ ආරාධනයක් මත සිදුවූවක් මිස අසාමාන්‍ය දෙයක් නොවන බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.
මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම ආරාධනය අනෙකුත් රටවල් සහ එම රටවල ජනතාව සමඟ සංස්කෘතික හුවමාරුව මගින් ඉන්දියාවේ ගෝලීය සංස්කෘතික සබඳතාවලට සම්බන්ධ වූ ඉන්දීය රජයේ ස්වාධීන සංවිධානයක් වන සංස්කෘතික සබඳතා සඳහා වූ ඉන්දීය කවුන්සිලයේ සංචාරක වැඩසටහනේ කොටසක් බවයි.
“එය ශ්‍රී ලංකා නායකයකුට සිදුකළ සාමාන්‍ය ආරාධනාවක්. සංස්කෘතික සබඳතා සඳහා වූ ඉන්දීය කවුන්සිලයේ කීර්තිමත් අමුත්තන්ගේ වැඩසටහන නමින් වෙනත් රටවලින් ව්‍යාපාරික නායකයන්, දේශපාලන නායකයන් සහ සංස්කෘතික නායකයන් ඉන්දියාවට ගෙන ඒමේ යෝජනා ක්‍රමයක් අප සතුව තිබෙනවා. ඒ යෝජනා ක්‍රමය යටතේ තමයි ඔහුට ආරාධනා කළේ,” මහ කොමසාරිස් ජා පැවසීය.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන්ට ද එවැනි ආරාධනාවක් අපේක්ෂා කළ හැකිදැයි කළ විමසීමකට මහ කොමසාරිස්වරයා පැවසුවේ වෙනත් අපේක්ෂකයන් මීට පෙර ඉන්දියාවට ගොස් ඇති බවත් ඔවුන් සංචාරය කරන්නේ නම් එය එරට සංචාරය කරන පළමු අවස්ථාව නොවනු ඇති බවයි.
“නමුත් ඔවුන් පැමිණීමට කැමති නම්, ඔවුන් වඩාත් සාදරයෙන් අපි පිළිගන්නවා” යැයි ඔහු පැවසීය.
කෙසේවෙතත්, ඉන්දියාවේ විදේශ කටයුතු ඇමැති එස්.ජයිශංකර් ඔහු හමුවීමත් සමඟ අනුර කුමාර දිසානායකගේ සංචාරය තරමක් ඉහළ පෙළේ එකක් විය.
මේ පිළිබඳ අදහස් දක්වමින් ජා පැවසුවේ ශ්‍රී ලංකාවෙන් ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක නායකයකු පැමිණි විට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් විසින් සැමවිටම පිළිගනු ලබන බවයි.
එය අසාමාන්‍ය දෙයක් නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය ශ්‍රී ලංකාව තුළ කතාබහක් ඇති කර තිබිණි.
එහිදී පළ වූ ඇතැම් අදහස් ඔහුට එතරම් යහපත් වී තිබුණේ නැත.
දිසානායක සහ ඔහු නායකත්වය දෙන වාමාංශික ව්‍යුහය වන ජාතික ජන බලවේගය යන දෙකම අවම වශයෙන් එක් මත විමසුමකදී හෝ අඛණ්ඩව පෙරමුණ ගෙන සිටීමට සමත් වී තිබේ.
ශ්‍රී ලංකාව දැනට සිටින්නේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 17 අතර ජනාධිපතිවරණයක් පැවැත්වීමේ ව්‍යවස්ථාපිත වුවමනාවක් ඉදිරියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart