
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවලෝකිතේශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින්, බෞද්ධාගමට අපහාස කරමින්, විකෘති දේශනා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුට නවාතැන් පහසුකම් සැලසීමට කටයුතු කළ බව කියන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිඳක පොලිසියට කැඳවා ප්‍රකාශ ගත් බව කැස්බෑව පොලිසිය පවසයි.
ඊට අමතරව ඇයට එම නිවස ගැනීමට උදව් උපකාර කළ බව කියන ත්‍රිරෝද රථ රියැදුරකු මෙන්ම තැරැව්කරුවකුගෙන් ද ප්‍රකාශ ගත් බව පොලිසිය පවසයි.
සැකකරු ඉකුත් 15 වැනි දින පන්නිපිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීමේ දී කැස්බෑව බටුවන්දර සර්වෝදය මාවතේ දෙමහල් සුඛෝපභෝගී නිවෙසක නවාතැන් ගෙන සිටින බවට තොරතුරු අනාවරණය විය.
නවාතැන් දුන් එම කාන්තාව ප්‍රකාශ දෙමින් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින මිතුරියකගේ ඉල්ලීමක් මත සැකකරුට නිවෙස සොයා දුන් බව කීවාය.
මිතුරිය ඇයට පවසා ඇත්තේ, ධර්ම දේශනා කරන කෙනකු ලංකාවට පැමිණෙන හෙයින් භාවනා කිරීම සඳහා මාස හයක පමණ කාලයකට සුවපහසු තැනක් සොයා දෙන ලෙසය.
ඒ සඳහා අවශ්‍ය සියලුම මුදල් ඕස්ට්‍රේලියාවේ සිටින මිතුරිය තමන් වෙත එවූ බවත්, සැකකරුට තුන්වේලටම සාමාන්‍ය පුද්ගලයන්ට සපයන ආහාරවලින් කෑම සැපයූ බවත් ඇය ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම කාන්තාවගෙන් මීට වසර කීපයකට පෙර නීත්‍යනුකූලව වෙන්ව ඇතැයි ද පොලිසිය කියයි.
කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart