
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අහමදාබාද්හි ගුජරාට් විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක සිදු වූ පහරදීමේ සිද්ධියක දී ශ්‍රී ලාංකික සිසුවකු ද තුවාල ලබා තිබේ.
ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් වාර්තා කළේ අහමදාබාද්හි ගුජරාට් විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේදී විවිධ විදේශ රටවලින් පැමිණි සිසුන් පිරිසකට කිසියම් පිරිසක් විසින් පහරදී ඇති බවයි.
ගුජරාට් විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක සෙනසුරාදා රාත්‍රියේ සිදු වූ මෙම සිදුවීමෙන් ශ්‍රී ලංකාවේ සහ ටජිකිස්තානයේ සිසුන් දෙදෙනෙකු රෝහල් ගතකර ඇත.
ප්‍රහාරය එල්ල කළ බව කියන එක් අයකු මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
තවත් පුද්ගලයන් 25 දෙනෙකුට පමණ එරෙහිව මුලික තොරතුරු වාර්තා ලියාපදිංචි කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කණ්ඩායම් 9ක් පත්කර ඇති බව පොලිස් කොමසාරිස් ජී.එස්.මලික් පැවසීය.
ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති හර්ෂ් සංඝවි පොලිස් නිලධාරීන් සමඟ රැස්වීමක් පවත්වා මෙම කාරණය සම්බන්ධයෙන් දැඩි හා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන් බව මලික් පැවසීය.
මලික්ට අනුව සෙනසුරාදා රාත්‍රී 10.50ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ විදේශ රටවල සිසුන් ඔවුන් නැවතී සිටි නේවාසිකාගාර තුළ ඉස්ලාමීය ආගමික පිළිවෙතක් වන නමාස් පිරිනැමීමට විරෝධය පළ කරමිනි.
20-25 පමණ පිරිසක් නේවාසිකාගාර පරිශ්‍රයට කඩා වැදී ඇති අතර ඔවුන් විදේශ රටවල සිසුන්ට විරෝධය පළකර ඇත්තේ මුස්ලිම් පල්ලියකදී නමාස් පිරිනැමීම කරන ලෙස පවසමිනි.
මීට අදාළව ගල්මුල් ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් ද ලැබී ඇති අතර, එක් සිද්ධියකදී එක් අයකු විශ්වවිද්‍යාල සේවකයකුට කම්මුල් පහරක් එල්ල කරන අයුරු දැකගත හැකි බව මලික් පැවසීය.
මෙම වීඩියෝ පටවල සත්‍යතාව පොලිසිය විසින් තහවුරු කරමින් සිටින බවද ඔහු පැවසීය.
ඇෆ්ගනිස්ථානය, ටජිකිස්තානය, ශ්‍රී ලංකාව සහ අප්‍රිකාවේ රටවල් ඇතුළුව ගුජරාට් විශ්වවිද්‍යාලයට විදේශ රටවල සිසුන් 300ක් පමණ බඳවාගෙන ඇති බව මලික් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart