
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ විශාලතම තේ නිෂ්පාදන සමාගම්වලින් එකක් වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, James Finlay Kenya තේ ව්‍යාපාරය අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් කර ඇති බව නිවේදනය කරයි.
ඊට අදාළ ගිවිසුම් ඊයේ (27) දින හුවමාරු කරගෙන ඇත.
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන B Commodities ME FZE UAE විසින් 2023 මැයි 03 දින ස්කොට්ලන්ත ලියාපදිංචියක් සහිත සමාගමක් වන James Finlay Limited සමඟ ගිවිසුමකට එළඹ තිබේ.
ඒ James Finlay (Kenya) Limited 85% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගැනීම වෙනුවෙනි.
James Finlay (Kenya) Limited තේ වැවිලි අංශය හෙක්ටයාර 11,000 ක ප්‍රමාණයකින් යුක්ත වන අතර වාර්ෂිකව තේ කිලෝග්‍රෑම් මිලියන 30 ක් නිෂ්පාදනය කරනු ලබයි.
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ශ්‍රී ලංකාවේ විශාලතම තේ නිෂ්පාදන සමාගම්වලින් එකක් වන අතර මතුරට ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ්, උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හරහා එය වතු 49ක් කළමනාකරණය කරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart