
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සුපීම් SAT චන්ද්‍රිකා ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළාය.
ඒ, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.
ඇය පැවසුවේ, 2012 මැයි 23 වැනි දින සුප්‍රීම් SAT පෞද්ගලික සමාගම විසින් චන්ද්‍රිකා පද්ධතියක් ස්ථාපිත කිරීම සහ විදුලි සංදේශ සේවා සැපයීම සඳහා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.
ව්‍යාපෘතිය 2015 ජූලි 28 වැනි දින වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද ඇය පැවසුවාය.
2019 වන විට, සමාගමේ කොටස් හිමිකම පහත පරිදි පැවැතිණි:
Supreme SL Investments Pvt. Ltd.: 20% (කොටස් 47,180,200)
Supreme Global Holdings Pvt. Ltd.: 80% 80% (කොටස් 188,344,970)
එමෙන්ම ආයෝජන මණ්ඩලයේ දත්ත උපුටා දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, සුප්‍රීම් SAT සමාගම පහත ආදායම උපයා ඇති බවයි.
2015/16 – රුපියල් මිලියන 19,617
2016/17 – රුපියල් මිලියන 28,133
2017/18 – රුපියල් මිලියන 29,106
2018/19 – රුපියල් මිලියන 34,169
2019/20 – රුපියල් මිලියන 42,960
2020/21 – රුපියල් මිලියන 62,545
2021/22 – රුපියල් මිලියන 87,789
2023 පළමු මාස 06 – රුපියල් මිලියන 39,590
ශ්‍රී ලංකාවේ ආයෝජකයන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවක් වන එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම පිළිබඳ ඩී. වී. චානක මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරියට සිය ස්තූතිය පුදකළේය.
මෙම ව්‍යාපෘතිය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ ‘චිචිගේ රොකට්ටුව’ ලෙසින් බව සඳහන් කළ මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ, ඩොලර් මිලියන 300 ක මෙම ආයෝජනය ගණනය කර නොමැති බවයි.
ඒ සඳහා ඩොලර් මිලියන 300ක් ආයෝජනය කර පසුව ව්‍යාපෘතිය අතුරුදහන් වූ බවට චෝදනා එල්ල වූ බව ද ඔහු පැවසීය.
“නමුත් දැන් අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කර තිබෙනවා එකදු රුපියලක්වත් ව්‍යාපෘතිය සඳහා රජය ආයෝජනය නොකළ බව සහ ව්‍යාපෘතියෙන් සැලකිය යුතු වාර්ෂික ආදායමක් සහ සෘජු විදේශ ආයෝජනයක් උපයා ඇති බව” මන්ත්‍රී ඩී. වී. චානක පැවසීය.
මෙම ව්‍යාපෘතිය හිටපු ජනාධිපතිවරුන්ගේ පුතුන්ගේ විනෝදාස්වාදය සඳහා සිදුකළ පෞද්ගලික ව්‍යාපාරයක් බව කියා සිටි ජාතික ජන බලවේගයේ සාමාජිකයන්ගේ මීට පෙර සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා එහිදී අදහස් පළකළේය.
එමෙන්ම ඔහු අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රශ්න කළේ, පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ සිදුකරන මෙවැනි චෝදනා අනුමත කරන්නේ ද යන්නයි.
ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැහැදිලි කළේ, ඇයගේ ප්‍රකාශ පදනම් වී ඇත්තේ ආයෝජන මණ්ඩලයේ දත්ත මත පමණක් බවයි.
“මෙම ව්‍යාපෘතිය විශාලද කුඩාද යන්න පිළිබඳව මම කිසිදු පෞද්ගලික විශ්ලේෂණයක් කරලා නෑ. මේ කාරණය ගැන විවිධ හේතු නිසා ප්‍රසිද්ධියේ කතාකළා. ඒ ගැන තව ප්‍රශ්න තියෙනවා නම් මට වෙනම උත්තර දෙන්න පුළුවන්. නමුත් නිල වාර්තා මත පදනම් වූ සත්‍ය තොරතුරු තමයි මේ. එය හොඳද නරකද යන්න තීරණය කරන්නේ මහජනතාවයි” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
රජය විදේශ ආයෝජන අධෛර්යමත් නොකරන බව ද සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, අනුමැතිය ඇගයීමට ලක්කරන්නේ ව්‍යාපෘතියේ පරිමාණයට වඩා ජාතික සංවර්ධන ඉලක්කවලට අනුව බව ද සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart