
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ පවතින පොදු ප්‍රවාහන මාධ්‍ය අතරින් මගීන් විශාල ප්‍රමාණයක් දුම්රිය දෛනිකව භාවිතා කරනු ලබයි.
එහෙත් දුම්රියේ ගමන්ගන්නා මගීන් අතුරින් බහුතරයක් තමන් භාවිත කරන ප්ලාස්ටික් බෝතල් දුම්රිය මාර්ගවලට සහ දුම්රිය ස්ථානවල අක්‍රමවත් ලෙස බැහැර කිරීම සුලභව දකින තත්වයකි.
එසේම එය විශේෂයෙන් දුම්රිය මාර්ග දෙපස සහ ස්වභාව සෞන්දර්යයෙන් පිරි උඩරට දුම්රිය මාර්ගය වැනි සුන්දර පරිසර පද්ධතිවලට හානි ඇතිකරන සිදුවීමක් බවට වර්තමානයේ පත්ව තිබේ.
එලෙස අක්‍රමවත් ලෙස බැහැර කරන ප්ලාස්ටික් බෝතල්වල මූඩි ඵලදායීව භාවිත කරමින් කැලණිය විශ්වවිද්‍යාලීය ZeroPlastic සමාජයේ, Community engagement avenue විසින් සංවිධානය කරනු ලබන Bloom Morph ව්‍යාපෘතිය මඟින් Katana Upcycl ආයතනයේද සහයෝගය ඇතුව, මරදාන දුම්රිය ස්ථානයේද පූර්ණ අධීක්ෂණය සහිතව, මරදාන දුම්රිය ස්ථානයේ හා දුම්රිය මාර්ගවල තිබූ ප්ලාස්ටික් බෝතල් මූඩි භාවිතයෙන් මගී ආසනයක් නිර්මාණය කර ඇත.
මෙම මගී ආසනය නොවැම්බර් මස 05 වැනි දින මරදාන දුම්රිය ස්ථානයට ලබාදීමට කටයුතු කර තිබේ.
පරිසරය අපවිත්‍ර කරන මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ක්‍රමානුකූලව භාවිත කරමින් ඵලදායී නවෝත්පාදනයක් සිදුකිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූ අතර, අද දින එම වේදිකා බංකුව මරදාන දුම්රිය ස්ථාන අධිකාරී කපිල පුෂ්පකුමාරගේ විසින් මරදාන දුම්රිය ස්ථානයේ දී මගී ජනතාවගේ භාවිතය උදේසා විවෘත කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart