August 14, 2023

කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ 64 දෙනෙක්ගෙන් සමන්විත පක්ෂි විද්‍යා කණ්ඩායමක් විසින් කොළඹ නගරයේ බකමූණන් ගහණය පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීම පසුගිය සතියේ ආරම්භ කර ඇත.

සිසුන් ද සම්බන්ධවන මෙම සමීක්ෂණය සති දෙකකින් අවසන් වීමට නියමිතය.

අන්තර්ජාතික බකමූණන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ දිනය නිමිත්තෙන් අගෝස්තු 04 වැනිදා මෙම සමීක්ෂණය ආරම්භ කළ බව එම සංගමයේ සභාපති මහාචාර්ය පී. නිහාල් දයාවංශ සඳහන් කරයි.

සමීක්ෂණයේදී විහාරමහාදේවි උද්‍යානය, විශ්වවිද්‍යාලය ආසන්නයේ කිලෝමීටරයක අරය, රාජකීය මාවත, ඉසිපතන විද්‍යාලය වැනි ප්‍රදේශ ආවරණය කර තිබෙන අතර, මේ වනවිට මාලිගාවත්ත ප්‍රදේශයේද සමීක්ෂණ කටයුතු සිදුකෙරේ.

එය කොළඹ නගර සීමාවේ අනෙකුත් ප්‍රදේශවලටද ව්‍යාප්ත කිරීමට ඔවුන් සැලසුම් කර තිබේ.

අභිජනන කාලය තුළ අඩු හඬක් ඇති බැවින් හඳුනාගත හැක්කේ කුරුල්ලන් කිහිප දෙනෙකු පමණක් බව මහාචාර්යවරයා පවසයි.

මෙහිදී Brown Hawk Owl, Scops Owl සහ Barn Owl යන විශේෂ තුනකට අයත් බකමූණන් 30ක් සොයාගෙන ඇත.

සෙවන සහිත විශාල ගස් මෙන්ම විශාල දේපල, හරිතයන්ගෙන් පිරුණු උද්‍යාන වැනි බකමූණන්ගේ වාසස්ථාන ආරක්ෂා කළ යුතු බව මහාචාර්යවරයා සඳහන් කර තිබේ.

Brown Hawk owl සහ Indian Scops යන බකමූණන් දෙදෙනාම සෙවණ සහිත ගස්වල රැකවරණය ලබන බව කණ්ඩායම නිරීක්ෂණය කර ඇති අතර, එක් ප්‍රදේශයක සොයාගත් Barn owl අතහැර දමා ඇති ගොඩනැගිලිවල දක්නට ඇත.

ශ්‍රී ලංකාව තුළ බකමූණන් විශේෂ 12ක් සිටින අතර, ඉන් වර්ග දෙකක් මෙරටට ආවේණිකවන බව සත්ත්ව විද්‍යා මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න පවසයි.

Chestnut-backed Owlet (Glaucidium castanotum) සහ Serendib Scops Owl (Otus thilohoffmanni) යන විශේෂ මෙරටට ආවේණික වේ.

ජෛව විවිධත්වය පොහොසත් කරමින් මීයන්ගේ ගහනය පාලනය කරමින් බකමූණන් වටිනා කාර්යභාරයක් ඉටු කරන බව ඔහු පවසයි.

එමෙන්ම බකමූණන්ට අනෙකුත් පක්ෂීන්ගෙන් සහ සතුන්ගෙන් සැඟවීමට සෙවණ සහිත ප්‍රදේශ අවශ්‍ය වන බැවින් ඔවුන් අවදානමට ලක්විය හැකි බව ඔහු සඳහන් කරයි.

බකමූණන්ගේ වාසස්ථාන ආරක්ෂා කරන ලෙසත්, එළිමහනේ ආලෝකය අඩු කරන ලෙසත්, ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.