
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ කොටුව පරණ මහ ලේකම් කාර්යාලය අසල ඇති වටරවුමේ මැද කැණීම් කරමින් සිටියදී මිනිස් ඇටසැකිල්ලක් හමුවී ඇතැයි කොළඹ වරාය පොලිසිය පවසයි.
පෝර්ට් සිටි අධිවේගී පිවිසුමේ ඉදිකිරීම් කටයුතු සඳහා පෙරේදා (13) පෞද්ගලික ඉදිකිරීම් සමාගමක් කැණීම් කටයුතු කරමින් සිටියදී මෙම මිනිස් ඇටසැකිල්ල හමුවී ඇත.
සමාගමේ සේවකයන් කැණීම් කරන අවස්ථාවේදී අඩි හයක් පමණ පොළොව අභ්‍යන්තරයේ තිබී මෙම ඇටසැකිල්ල හමුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මිනිස් ඇටසැකිල්ල දුටු සේවකයන් ඒ බව වැඩ පරීක්ෂකවරුන්ට දැනුම් දීමෙන් අනතුරුව ස්ථානයේ කැණීම් කටයුතු නවත්වා ඒ බව පොලිසියට දැනුම් දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මිනිස් ඇටසැකිල්ල තිබූ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතය.
කොළඹ වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.එස්. ජයරත්නගේ උපදෙස් මත විමර්ශන සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart