October 8, 2024

මේ වසරේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළයෑම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය නිලධාරියකු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා පැවති වෛද්‍ය සායනයක් අතරතුර මාධ්‍ය වෙත මේ බව සඳහන් කර තිබිණි.

මේ වසරේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් HIV ආසාදිතයන් 21 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් තවත් ආසාදිතයන් සිටිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් ගණන 87ක් වන බවත් ඉන් වැඩි පිරිසක් සූරියවැව සහ තිස්සමහාරාම ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බවත් ඔහු පැවසීය.

මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය (HIV) මාරාන්තික රෝගයක් නොවන බවත් එය ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය (AIDS) තත්ත්වයට වර්ධනය වීමට පෙර මුල් අවධියේදීම ප්‍රතිකාර මඟින් සුව කළ හැකි බවත් එම වෛද්‍ය නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

42.31%
17.27%
32.76%