
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිද්දෙණිය, ගල්පොත්තයාය – ජුලම්පිටිය මාර්ගයේ 6 කණුව අසලදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් අඹුසැමි යුවළක් තුවාල ලබා තිබේ.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අඹුසැමි යුවළට වෙඩි තබා ඇති අතර එහිදී පිරිමි පුද්ගලයා තුවාල ලබා යතුරුපැදිය පෙරළීගොස් තිබේ.
යතුරුපැදිය පෙරළීයෑම නිසා කාන්තාව ද තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙලෙස තුවාල ලබා ඇත්තේ ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ 40 හැවිරිදි කාන්තාවකි.
මෙම යුවළ මුලින් මිද්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරුකර යවා ඇත.
වෙළඳසැල වසා දමා නිවස බලා යමින් සිටියදී අඹුසැමි යුවළට වෙඩි තබා ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර, වෙඩි තැබීම සඳහා යොදාගත් දේශීය නිෂ්පාදිත ගිනි අවිය අපරාධය සිදුවූ ස්ථානයේ තිබී සොයා ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart