August 31, 2023

චීනයේ සයිනොපෙක් සමාගම මෙරට අලෙවි කරන පෙට්‍රල් ඩීසල් සදහා රුපියල් 03ක වට්ටමක් පාරිභෝගිකයාට ලබාදෙන අතර ඉන්ධන පිරවුම්හල් හිමියාටද ඉන්ධන ලීටරයකට අතිරේක රුපියල් 03ක වට්ටමක් ලබාදෙන බව අනාවරණය වේ.

මෙහි අදහස වන්නේ සයිනොපෙක් සමාගමට රුපියල් 06ක වට්ටමක් ලබාදීමෙන් අනතුරුවත් ඉන්ධන අලවියෙන් තවත් සැලකිවයුතු ලාභයක් පවතින බවයි.

සයිනොපෙක් සමාගමේ මෙහෙයුම් ආයතනය කොළඹ මත්තේගොඩ පිහිටි ප්‍රථම බලයලත් පිරවුම්හලේ දී ආරම්භ කළ බව නිවේදනය කර ඇත.

සයිනොපෙක් සමාගම විසින් පළමු ඉන්ධන තොගයක් ලෙස ලංකා ඔටෝ ඩීසල් ලීටර 6600ක තොගයක් ලබාදී ඇති අතර එම තොගය වෙනුවෙන් ලීටරයකට රුපියල් 03 බැගින් රුපියල් රුපියල් 19,792ක වට්ටමක් ලබාදී ඇත.

සයිනොපෙක් සමගම පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ බලශක්ති භූ දර්ශනය වැඩිදියුණු කිරීම සදහා ගත් වැදගත් පියවරක් බව සදහන් වේ.

ප්‍රෙටල් සහ ඩීසල් සදහා ලීටරයකට රුපියල් 03ක වට්ටමක් සමග වෙළෙඳපොළ ප්‍රවර්ධන පළමු පියවර මෙහි දී ආරම්භ කර තිබේ.

ඔක්තෝම්බර් මාසයට පෙර ඉන්ධන පිරවුම්හල් 150ක් ක්‍රමානුකූලව සයිනොපෙක් කළමනාකාරීත්වයට භාරකිරීම එහි සැලැස්ම වන අතර එයට වසර 20ක බලපත්‍රයක් ද ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම , විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමග ඉන්ධන ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම පිළිබඳ දීර්ඝකාලීන කොන්ත්‍රාත්තුවක් මැයි මාසයේ අත්සන් කිරීමට ද නියමිත ව තිබේ.

මේ අතර සයිනොපෙක් සමාගමේ සේවයට ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් ගණනාවක් එක්ව ඇති බවද වාර්තා අනාවරණය කරයි.