
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියාවට අයත් Ilyushin-76 හමුදා ප්‍රවාහන ගුවන් යානයක් යුක්රේනයට මායිම්ව ඇති දකුණු බෙල්ගොරොඩ් ප්‍රදේශයේදී කඩාවැටී තිබේ.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව එම යානයේ රැගෙන යමින් සිටි යුක්රේන යුද සිරකරුවන් 65 දෙනකු අනතුරින් මියගොස් ඇත.
Ria Novosti ප්රවෘත්ති ඒජන්සිය පැවසුවේ, කාර්ය මණ්ඩලය 06 දෙනෙකු ඇතුළු තවත් පුද්ගලයන් 09 දෙනෙකු යානයේ සිටි බවයි.
සමාජ මාධ්‍යවල බෙදාහරින ලද වීඩියෝවක් පෙන්නුම් කළේ, යබ්ලොනොවෝ ගම්මානය ආසන්නයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පසුව දේශීය වේලාවෙන් රාත්‍රී 11:00 ට (GMT 08:00) පිපිරීමක් සිදුවී ඇති බවයි.
රුසියානු ජනාධිපති ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ, ක්‍රෙම්ලිනය මෙම කඩාවැටීම ගැන දැන සිටි නමුත් විස්තර ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart