
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු පවසයි.
මහා පරිමාණ වී මෝල් හිමියන් වෙළෙඳපොළට කීරි සම්බා සහ සම්බා සහල් තොග නිකුත් නොකර සඟවා තැබීමෙන් එම සහල් හිඟයක් කෘතිමව නිර්මාණය වී ඇති හෙයින් එම හිඟය මඟහැරවීම සඳහා මෙම පියවර ගන්නා බව ඔහු පවසා ඇත.
පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී පැවැති එම අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ඇමැතිවරයා මෙසේ පවසා තිබේ.
මේ අතර උත්සව සාමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයක මිල අඩු කිරීමට ලංකා සතොස තීරණය කර ඇති බව ඇමැතිවරයා සඳහන් කරයි.
දේශීය වෙළෙඳපොළේ සීනි බෙදාහැරීම යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද හෙතෙම පවසයි.
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් පසුව සීනි තොග සඟවා තැබීම හේතුවෙන් වෙළෙඳපොළේ සීනි හිඟයක් ඇති වූ බවත්, වෙළෙඳපොළේ සීනි බෙදාහැරීමට නොහැකි තත්ත්වයක් තුළ ආනයනකරුවන් සීනි ආනයනය කිරීම අත්හිටුවා ඇති බවත්, ඇමැතිවරයා පවසා තිබේ.
මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන සීනි මත පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට කටයුතු කළ බවත්, දේශීය වෙළෙඳපොළේ සීනි බෙදා හැරීම යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර මේ වනවිටත් ගෙන ඇති බවත්, ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart