
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ජනගහනයෙන් 20.3%කට මූලික පානීය ජල පහසුකම් පවා නොමැති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගෘහස්ථ පානීය ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
මෙරට ගෘහ ජනගහනයෙන් 16.1%කගේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වූයේ අනාරක්ෂිත ළිං බව ද අනාවරණය වී ඇත.
තවද, සමීක්‍ෂණයේ ප්‍රධාන සොයාගැනීම්වලින් හෙළි වී ඇත්තේ ගෘහ ජනගහනයෙන් තුනෙන් එකකට පමණ, එනම් 33.4%කට පමණක් තමා පදිංචි පරිශ්‍රයේ පිහිටි, ආරක්ෂිතව කළමනාකරණය කළ පානීය ජල මූලාශ්‍රයක පහසුකම් පවතින බවයි.
මේ අතර, නාගරික අංශයේ පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු (68.6%) සහ ග්‍රාමීය අංශයේ පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයකු (28.2%) ආරක්ෂිතව කළමනාකරණය කළ පානීය ජල මූලාශ්‍ර භාවිතා කරන බවත් වතු අංශයේ එම තත්ත්වය 3.1%ක් පමණක් බවත් සමීක්ෂණයෙන් හෙළිවී ඇත.
මීට අමතරව, මෙරට ගෘහ ජනගහනයෙන් 6.3%ක් අවම වශයෙන් මූලික සනීපාරක්ෂක සේවාවක් හෝ භාවිත කර නොමැති බවත්, දිවයින පුරා සිටින ගෘහස්ථ ජනගහනයෙන් 0.1%ක් තවමත් එළිමහනේ මළපහ කිරීම සිදු කරන බවත් සමීක්ෂණ වාර්තාව හෙළි කර තිබේ.
මේ අතර, සමීක්ෂණ සොයාගැනීම්වලට අනුව, ගෘහස්ථ ජනගහනයෙන් 88.7%කට මූලික සනීපාරක්ෂක සේවාවක් පවා නොමැති අතර සීමිත සනීපාරක්ෂක සේවා පමණක් සපුරා ගනී.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart