
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය දරු තිදෙනා මෝටර් රථයකට යටකර බරපතල තුවාල සිදුකිරීම හේතුවෙන් එම දරුවන්ගේ පියා විසින් මෝටර් රථය පැදවූ පුද්ගලයාගේ ඥාති පුත්‍රයෙකුට පිහිඇනුමක් සිදුකර ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ පස්වරුවේ සිදුවූ එම පිහිඇනුමින් තුවාල ලැබූ පුද්ගලයා මේවන විට රෝහල්ගත කර ඇතැයි ද පොලිසිය පවසයි.
ඉකුත් 05 වැනිදා මහබාගේ පොලිස් වසමේ තොටුපළ පාර ප්‍රදේශයේ දී මෝටර් රථයක ගැටීමෙන් දරුවන් තිදෙනකු තුවාල ලබා තිබූ අතර, අනතුරින් පස්හැවිරිදි දැරියක් මියගොස් තුන්හැවිරිදි හා හයහැවිරිදි දරුවන් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරිණි.
දරුවන් මෝටර් රථයේ ගැටීමට සැලැස්වූ බවට චෝදනා එල්ල වන සැකකාර රියදුරා ප්‍රදේශයෙන් පළාගොස් සිටියි.
පොලිසිය පැවසුවේ මෙම සිද්ධිවලට සම්බන්ධ පිරිස් ඥතීන් වන අතර කලක පටන් ඔවුන් අතර ආරවුල් පවතින බවයි.
අනතුරට පත් දරුවන්ගේ පියා විසින් පිහිඇනුම සිදුකර ඇත්තේ පළාගොස් සිටින රියදුරාගේ ඥාති පුත්‍රයකුට වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පිහිඇනුම සිදුකළ පුද්ගලයා මහබාගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදේශයේ ආරක්ෂාව සදහා නාවික හා පොලිස් නිලධාරීන් යොදවා ඇතැයි ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart