August 13, 2026

පසුගිය වකවානුවේ පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය අධෛර්යමත් කිරීම සිදුවූ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේ වන විට මහජන උපයෝගිතා කොමිසම විසින් පුනර්ජනනීය විදුලිය වෙනුවෙන් යම් සාධාරණ මිලක් ගෙවීමට නිර්දේශ කර ඇති බව දැකගත හැකි බවයි.

”මම කාරුණික ඉල්ලීමක් කළා අවුරුදු එකහමාරක් තිස්සේ විදුලි සහ බලශක්ති ඇමතිවරුන්ගෙන් මේ බැටරි එනර්ජි ස්ට්‍රෝරේජ් සිස්ටම් එක සම්බන්ධයෙන්. මේ වගේ අවස්ථාවක් පුනර්ජනනීය බලශක්ති පාවිච්චි කරලා ඒකෙ සම්පුර්ණ ෆර්ම් ජෙනරේෂන් එකකට බැටරි තුලින් ගමනය කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒකට අපි අගය කරනවා PUCSL එක ඒකෙ අදහස් යොමු කරලා ඒගොල්ලෝ යම් හොද මිලක් දීලා තියෙනවා කියලා පෙන්න තියෙනවා. මදි නමුත් හොදයි. ඉදිරි දැක්මක් ඇතිව කටයුතු කරල තියෙනවා කියලා කියන්න ඕන.

අපිට පේනවා මේ එල්- නිනෝ ප්‍රශ්නයත් එක්ක ජූලි – අගෝස්තු මාසවලදී යම් කිසි වියලි කාලපරිච්ජෙදයක් ගමන් කරනවා. ඊට පස්සේ ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් අපිට අතිරික්තයක් එක්ක වර්ශාපතනයක් ලැබෙනවා. ආපහු ජනවාරි ඉදලා මැයි මාසය වෙනකම් ඉතාමත් වියළි කාලගුණයක් පවතිනවා.

මම පාර්ලිමේන්තුවේ දී අහපු ප්‍රශ්නෙකට ලැබුණ උත්තරය තමයි රෑ වෙලා අපේ උපරිම ඩිමාන්ඩ් එක මෙගා වෝට් 3000ක ඉල්ලුමක් තියෙනවා කියන එක. හැබැයි මේ වියලි කාලගුණය නිසා ඉල්ලුම වැඩිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා. සංර්ධන ක්‍රියාවලිය වේගවත් වෙලා ඒකෙන් ලැබෙන ඉල්ලුම වැඩිවුනොත් ඒකත් අපේ පද්ධතියට එකතු වෙනවා. එතකොට ඌණතාවයක් ඇති වෙනවා. මොකද මම දන්න විදිහට නොරොච්චෝලේ බලාගාරේ ප්ලාන්ට් නම්බර් වන් එක මේන් ටේන්ස් වලට දවස් 40-50ක් වගේ නවත්වන තියෙනවා. එතකොට මේ ඌණතාවය තුළ කොහොමද අපි පාරිහෝගීකයාට ලාභදායි විදිහට විදුලිය ජනනය කරන්නේ නැත්නම් තාපබලාගාර තුලින් වැඩිමිලකට අරන් ද සපයන්නේ කියලා බලන්න වෙනවා. IMF එකත් එක්ක රජය ඇතිකරගෙන තියෙන ගිවිසුමත් එක්ක මේකේ ජනනය කිරීමේ වියදම දරන ආකාරයේ විකුණුම් මිලක් ගලපගන්න වෙනවා කියන එක මතක් කරන්න වෙනවා.”