
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇසුරුම් කරන ලද කරවල තොගයක් සහ ආනයනික කොල්ලු තොගයක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් නිලධාරීන් වැටලීම් සිදුකර තිබේ.
එහිදී කොළඹ දිස්ත්‍රික් නිලධාරීන් විසින් කරන ලද පරීක්ෂාවේ දී පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැලක ගබඩාකර තිබූ කල් ඉකුත් වන දිනය වෙනස් කළ කරවල කිලෝග්‍රෑම් 10 අසුරන එකොළහක් සහ කිලෝග්‍රෑම් 5 අසුරන 78ක් සොයාගෙන ඇති අතර එම ඇසුරුම්වල කල් ඉකුත් වන දිනය 2025 ජනවාරි ලෙස සටහන්ව තිබිය දී එය 2025/07 ලෙස ඉදිරි දිනයක් යොදා වෙනස් කොට තිබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමක දී ඇසුරුම් කළ දිනයක්, භාවිත කළ යුතු කාල සීමාවක් යන කිසිදු තොරතුරක් නොමැතිව රුපියල් මිලියනයකට අධික වටිනාකමක් සහිත කොල්ලු කිලෝග්‍රෑම් 30ක ඇසුරුම් 100ක් සහිත තොගයක් කැලණිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ගබඩාවකින් සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරනු ලබන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි.
එම අධිකාරිය ඉල්ලා සිටින්නේ උත්සව සමය ඉලක්ක කරගෙන මෙවැනි භාණ්ඩ වෙළෙඳපළට නිකුත් කිරීමට කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සැළකිලිමත්වන ලෙසයි.
එවැනි තොරතුරු වෙතොත් 1977 කෙටි දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart