
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිවසක සුරතලයට ඇති කරන බලු පැටවකු උගේ හිමිකරුට අයත් ඩොලර් 4000ක් වටිනා නෝට්ටු සපාකා විනාශ කළ පුවතක් අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ.
පෙන්සිල්වේනියාවේ වාසය කරන මෙම දඩබ්බර බලු පැටවා ගෝල්ඩන් පුඩ්ල් වර්ගයට අයත් වන අතර උගේ නම සිසිල් ය.
බලු පැටවා සපාකා ඇති මුදල ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 12කට අධිකය.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට, උගේ හිමිකරුවන් වන Clayton සහ Carrie කොන්ත්‍රාත්කරුවකු සඳහා වෙන්කළ මුදල් ලියුම් කවරය සිසිල් විසින් මෙලෙස ආහාරයට ගෙන ඇත.
මුදල් නෝට්ටුවලින් කොටසක් සිසිල් ආහාරයට ගෙන ඇති අතර, තවත් කොටසක් ඉරාදමා තිබියදී හමුවී තිබේ.
සිසිල්ගේ පශු වෛද්‍යවරයා යුවළට පවසා ඇත්තේ ඔවුන්ගේ කෑදර සුරතලා හොඳවනු ඇති බවයි.
කැබලි බවට පත්ව තිබූ නෝට්ටුවලින් කිහිපයක් Clayton විසින් බැංකුවට දී නව මුදල් නෝට්ටු ලබාගැනීමට පියවර ගෙන ඇති බවද විදෙස් ජනමාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart