
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රෝමයේ සිට ජර්මනිය බලා පියාසර කිරීමට සූදානම්ව තිබූ රයන් එයාර් ගුවන් යානයක් තුළ සිට බළලකු හමුවීමෙන් පසු ගුවන් යානයේ පියාසර කටයුතු දින දෙකකට නවතා ඇතැයි වාර්තා වේ.
Boeing 737 වර්ගයේ ගුවන් යානය ගුවන්ගත වීමට මොහොතකට පෙර කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ගුවන් යානය ඇතුළතින් බළලෙකුගේ හඬක් ඇසී තිබේ.
ශබ්දය පැමිණෙන ස්ථානය පිළිබඳ සැළකිලිමත් වූ යානය නඩත්තු සේවකයන් විසින් පරීක්ෂාවක් සිදු කර ඇති අතර, එහිදී ඔවුන් ගුවන් යානයේ ඉලෙක්ට්‍රොනික උපකරණ ඇති මැදිරියක සිටි සුදු සහ කලු පැහැති බළලකු සොයා ගෙන ඇති තිබේ.
ඔවුන් පවසන්නේ, බළලා ගුවන් යානයේ එවැනි සංවේදී ප්‍රදේශයකට පැමිණියේ කෙසේද යන්න පුදුමසහගත බවයි.
එමෙන්ම එම සත්ත්වයා එම ස්ථානයෙන් පිටතට නොපැමිණීම හේතුවෙන් බළලා ඉන් ඉවත්කිරීම ඉංජිනේරුවන්ට අභියෝගාත්මක අවස්ථාවක් වූ බව ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
අල්ලා ගැනීමට උත්සහ කළ සෑම අවස්ථාවකම බළලා පැනගොස් යානයේ අසීරු ස්ථානවල සැගව ඇති අතර එය අසීරු මෙහෙයුමක් වූ බව ද පැවසේ.
එහිදී යානයේ විදුලි උපාංගවල බළලාගෙන් ඇතිවිය හැකි අවදානම හේතුවෙන් යානයේ ගුවන් ගමන තාවකාලිකව නතර කර තිබේ.
මෙම සත්වයා අභ්‍යන්තරයේ තබාගෙන යානය ගුවන්ගත වූයේ නම්, එය කාර්ය මණ්ඩලයේ සහ මගීන්ගේ ජීවිත අවදානමට ලක්කරන බරපතල තාක්ෂණික දෝෂයක් ඇති කළ හැකි බවට නිලධාරීන් බිය පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart