
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ සිටින කාපිරි ප්‍රජාව යොදාගෙන සංචාරකයන් ආකර්ෂණය වැඩිදියුණු කර ගැනීමේ වැඩසටහනක් දියත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත.
අප්‍රිකානු සම්භවයක් සහිත මෙරට කාපිරි ප්‍රජාව පුත්තලම සිරම්බිඅඩි ප්‍රදේශයේ වෙසෙන අතර, ඔවුන් වෙනුවෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් ලබාදිය හැකි බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසා ඇත.
මේ හරහා ඔවුන්ගේ සංස්කෘතිය කෙරෙහි අන්තර්ජාතික අවධානය යොමුකර ගැනීමට හැකිවන බව ද ඔහු පෙන්වා දෙයි.
මෙම ප්‍රජාව පිළිබද පර්යේෂණය සිදුකිරීම සඳහා එම ප්‍රදේශයට ගිය අවස්ථාවේ කාපිරි ප්‍රජාව හමුවීමෙන් පසු ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.
නව යෝජිත සංස්කෘතික මධ්‍යස්ථානයේ සංචාරක ව්‍යාපාර කටයුතු වැඩිදියුණු කිරීම සඳහා මෙම ප්‍රජාවේ කණ්ඩායම් වෙතින් සක්‍රීය දායකත්වය ලබාගැනීමට හැකි බව ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
“එය ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ ආදායම් ඉපැයීමේ අවස්ථා ඉහළ නැංවීමට උපකාරී වන අතර, ඔවුන්ගේ අද්විතීය සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් වනු ඇත.” යන්න ඇමැතිවරයාගේ අදහසයි.
කාෆිරි ප්‍රජාවේ වැඩිහිටියන් සමඟ ඔවුන්ගේ ඉතිහාසය, රැකියා තත්ත්වයන් සහ සංස්කෘතික අංගයන් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවක නිරත වූ ඇමැතිවරයා, ප්‍රජාවේ තරුණ තරුණියන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ද අවධානය යොමු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart