
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කටුනායක ගුවන්තොටුපළ පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් රුපියල් මිලියන 200 ක් පමණ වටිනා නීතිවිරෝධී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
තායිලන්තයේ බැංකොක් නුවරදී මෙම තොගය මිලදී ගෙන වෙනත් පුද්ගලයකු හරහා ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඔහුගේ නිවසේ සඟවා තිබූ ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් sසිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
වත්තල පදිංචි 34 හැවිරිදි සැකකරු ඊයේ (දෙසැම්බර් 14) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ නිවස වැටළීමකදී, විවෘත නොකළ සංචාරක බෑග් 20 ක් තුළ අසුරා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21 කට වැඩි ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
ඊට අමතරව, ඔහු සතුව තිබී ඇමරිකානු ඩොලර් 4,900 ක් සොයාගත් බව පොලිසිය පවසයි.
සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අද (දෙසැම්බර් 15) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart