
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඡන්ද පත්‍රිකාවක් ඉරා දැමු පුද්ගලයෙකු වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක දී අත්අඩංගුවට ගෙන තිබේ.
වාද්දුව පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් එම සැකකරු අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
අදාළ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි එම සැකකරු ඡන්ද පත්‍රිකාව ද ලබාගෙන ඇති අතර පසුව මනාප අංක අමතක බව පවසා ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටතට යාම සඳහා එහි සිටි නිලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබේ.
එහෙත් නිලධාරීන් පවසා ඇත්තේ එලෙස පිටතට යාමට අවසර ලබා දිය නොහැකි බවයි.
එහිදී සැකකරු සිය ඡන්ද පත්‍රිකාව ඉරා දමා ඇති බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart