
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙවැනි ලෝක යුධ සමයට අයත් බෝම්බයක් සොයාගැනීම නිසා ජර්මනියේ ඩසල්ඩෝෆ් (Dusseldorf ) ප්රදේශයේ පදිංචිකරුවන් 13,000ට තාවකාලිකව තම නිවෙස්වලින් පිටව යන ලෙසට දැනුම් දී ඇතැයි ජර්මානු ප්රවෘත්ති ආයතනයක් වන Deutsche Welle (DW) වාර්තා කර ඇත.
අගෝස්තු 7-8 දිනවල සොයා ගන්නා ලද පුපුරා නොගිය ටොන් එකක බරක් සහිත මෙම බෝම්බය බැහැර කිරීමට පොලීසිය සහ බෝම්බ නිෂ්ක්රීය අංශය මෙහෙයුම් ක්රියාත්මක කර ඇත.
ඒ අනුව, ඩසල්ඩෝෆ්හි බලධාරීන් බෝම්බය ඇති ස්ථානයේ සිට මීටර් 500ක අරය තුළ සිටින සියලුම පදිංචිකරුවන්ට ප්රදේශයෙන් ඉවත් වන ලෙස නියෝග කර ඇති අතර, ඉවත් කිරීමේ මෙහෙයුමේදී මෙම කලාපය තුළ මාර්ග ද තාවකාලිකව වසා දමා තිබේ.
කෙසේ වෙතත්, බැහැර කිරීම අවසන් කර සීමාවන් ඉවත් කරන්නේ කවදාද යන්න තවමත් පැහැදිලි නොමැති බව වාර්තා වේ.
2017 දී ෆ්රැන්ක්ෆර්ට්හි ටොන් 1.4 ක බෝම්බයක් සොයා ගැනීමත් සමඟ මිනිසුන් 65,000ක් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, 2021 දෙසැම්බර් මාසයේදී මියුනිච් දුම්රිය ස්ථානය අසල ඉදිකිරීම් ස්ථානයක දෙවන ලෝක යුද්ධයේ බෝම්බයක් පුපුරා යෑමෙන් සිව්දෙනෙක් තුවාල ලබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart