
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇල්ල සංචාරක කලාපයේ නව හෝටලයක් ඉදිකිරීම සඳහා ආයෝජන මණ්ඩලය දේශීය සමාගමක් වන නේචර් ෆස්ට් රිසෝට් ඇන්ඩ් ස්පා ලිමිටඩ් සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේ.
ඒ අනුව ඇල්ල නගරය සංචාරක යටිතල පහසුකම්වල නව සංවර්ධනයක් අත්කර ගනු ඇති බවට විශ්වාසය පළවෙයි.
ආයෝජන මණ්ඩලය X සමාජ මාධ්‍ය වේදිකාවේ තබා ඇති සටහනකට අනුව, ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 9.315ක සම්පූර්ණ ආයෝජනයක් ඇතුළත් වන අතර එය කාමර 36කින් සමන්විත වේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහ නේචර් ෆස්ට් රිසෝට් ඇන්ඩ් ස්පා ලිමිටඩ් හි නිලධාරීන් අතර මෙම සතියේදී ආයෝජන මණ්ඩල පරිශ්‍රයේ දී අදාළ ගිවිසුම ඇතිකර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ඉහළම සංචාරක ගමනාන්ත අතරට ශ්‍රේණිගත කර ඇති ඇල්ල නගරය බොහෝ විට ‘පුංචි එංගලන්තය’ ලෙසින් හඳුන්වනු ලබයි.
ඇල්ල පර්වතය, කුඩා සිරීපාදය, ආරුක්කු නවය පාලම සහ රාවණා ඇල්ල වැනි ආකර්ෂණීය ස්ථාන සඳහා ඇල්ල සංචාරක කලාපය ඉතා ඉහළ ප්‍රසිද්ධියක් උසුලයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart